Home » මෙරට සෑම ක්ෂේත්‍රයක්ම දියුණු කරන්න චීනයේ සහයෝගය

මෙරට සෑම ක්ෂේත්‍රයක්ම දියුණු කරන්න චීනයේ සහයෝගය

by chanaka
December 10, 2024 4:26 pm 0 comment

චීන රජයේ සහාය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මෙරට සෑම ක්ෂේත්‍රයක් සඳහාම ලබා දෙන බවත්, ඉදිරියටත් එම සහාය අඛණ්ඩව ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා කියා සිටියි.

තනාපතිවරයා මේ බව සදහන් කළේ ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවූ අවස්ථාවේ දී ය.

අඩු පිරිවැයකින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබා දීමට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයනු ලබන මානුෂීය වැඩපිළිවෙළ ඇගයීමට ලක්කරන බවද තානාපතිවරයා මෙහිදී කියා සිටියේය.

මේ මස 21 වැනිදා සිට 28 වැනි දින දක්වා චීන මහජන නාවික හමුදාවේ රෝහල් නෞකාව (සාම නැව) කොළඹ වරායේ නැංගුරම්ලෑමට සැලසුම්කර ඇති බවත් එහි පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කණ්ඩායමක් මෙරට විශාල රෝගීන් ප්‍රමාණයකට පුළුල් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අපේක්ෂා කරන බවද මෙහිදී චීන තානාපතිවරයා පැවසීය.

මෙම හමුවේදී චීන තානාපතිවරයා විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය සදහා යෝජනාවන් මාලාවක්ද ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශණී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහත්ම මහත්මීන්ද චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT