Home » බලුකිස්තානයේ මානව හිමිකම් ගැටලුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට

බලුකිස්තානයේ මානව හිමිකම් ගැටලුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට

by sachintha
December 10, 2024 1:31 am 0 comment

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ජනතාවට රජයේ හමුදාවෙන් සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සෝජාන් ජෝසප් විසින් කැඳවනු ලැබූ එම සාකච්ඡාවට එරට කීර්තිමත් විද්වතුන්, වෘත්තිකවේදින් සහ මානව හිමිකම් සංවිධාන නියෝජිතයන් ද සහභාගි වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බලුකිස්තාන ප්‍රාන්තයේ සිදුවන බලහත්කාර අතුරුදන් කිරීම්, ඝාතන සහ වෙනත් අකටයුතුකම් පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බවත්, එම ප්‍රාන්තයේ ජනතාව අත්විඳින හිංසාවන් මැඬ පැවැත්වීමට රාජ්‍යතාන්ත්‍රික සබඳතා භාවිත කිරීමට බ්‍රිතාන්‍ය රජයට බලපෑම් කිරීමට එකඟතාව පළවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. බලුකිස්තාන ප්‍රාන්තයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ වහාම අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් ඉල්ලීමක් කිරීමට ද එහිදී තීරණය වී ඇතැයි වාර්තා වේ. සිවිල් වැසියන්ට, මාධ්‍යවේදීන්ට සහ සමාජ ක්‍රියාකාරින්ට එම ප්‍රාන්තයේදි මුහුණපෑමට සිදුවී ඇති හිරිහැර පිළිබඳ පාකිස්තාන රජයට චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT