112
පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි තබා තිබේ.
මෙලෙස වෙඩි තැබීම සිදු කර ඇත්තේ කඩුවෙල, හේවාගම ප්‍රදේශයේදී ය.
පොලිසිය පවසන්නේ, අදාළ මෝටර් රථය අද(10) අළුයම මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අනතුරට ලක් කොට පළා යාමට උත්සහ කර ඇති බවයි.
එම අවස්ථාවේදී රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් එය දැක ඇති අතර අනතුරුව අදාළ මෝටර් රථයට වෙඩි ප්‍රහාර 02ක් එල්ල කර ඇත. කෙසේවෙතත් වෙඩි ප්‍රහාර එල්ල කළත් අදාළ මෝටර් රථය පළා ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.