Home » මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් බෝම්බ වළක් මතුවෙයි

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් බෝම්බ වළක් මතුවෙයි

by sachintha
December 10, 2024 1:33 am 0 comment

මහා වැස්ස නිසා පස සේදී යාමත් සමඟම මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් බෝම්බ වළක් මතු වී තිබී පොලීසිය විසින් පෙරේදා (08) සොයා ගෙන තිබේ.

එම බෝම්බ වළේ විවිධ වර්ගවලට අයත් බෝම්බ 40ක් පමණ ඇති බව මුලතිව් පොලීසිය පවසයි.

මෙම වළේ ඇති බෝම්බ යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමන ලද බෝම්බ තොගයක් බව පොලීසිය සඳහන් කරයි.

මෙම බෝම්බ වළ දුටු පුද්ගලයෙකු මුලතිව් පොලීසියට ලබා දුන් දුරකතන පණිවුඩයකින් පසුව පොලීසිය පැමිණ එම ස්ථානය ආරක්ෂා කොට තිබේ.

බෝම්බ වළ තුළ ඇති බෝම්බ ඉවත් කොට වෙනත් ස්ථානයකට රැගෙන යන්නේද එසේත් නොමැති නම් මේ ස්ථානයේම තබා එම බෝම්බ විනාශ කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැත.

මුලතිව් පොලීසිය මේ සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය දැනුම්වත් කොට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT