Home » රිළවියන් ගැබ් ගැනීම වළක්වන්න ගර්භාෂයේ ලූප තැන්පත් කිරීමේ මූලික පියවර සාර්ථකයි

රිළවියන් ගැබ් ගැනීම වළක්වන්න ගර්භාෂයේ ලූප තැන්පත් කිරීමේ මූලික පියවර සාර්ථකයි

by sachintha
December 10, 2024 1:34 am 0 comment

රිළවියකගේ ගර්භාෂයේ ලූපය තැනපත් කිරීමේ සැත්කම සාර්ථථකව සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු පිරිස

මෙරට රිළා ගහනය පාලනය කිරීමේ පියවරක් ලෙස රිළවියන් ගැබ් ගැනීම වළක්වා ගැනීමේ අරමුණින් රිළවියන් හය දෙනෙකු ගේ ගර්භාෂවල ලූපයක් තැන්පත් කිරීමේ මූලික පියවර සාර්ථක වූ බවත් ක්ෂේත්‍රය තුළට ගොස් ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකළ යුතුව තිබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

ලූපය බද්ධ කළ රිළවියන් තිදෙනෙකු සැත්කමෙන් මාස දෙකකට පසු එක්ස් රේ කිරණ පරීක්ෂාවට ලක් කිරීමේ දී අදාළ ලූපය ආරක්ෂිතව පවතින බව තහවුරු වූ බවත් මෙම ක්‍රියාවලිය ඔස්සේ මෙරට රිළා ගහනය වැඩිවීම පාලනය කිරීමට හැකි බවත් ඒ මහතා කීය. සාමාන්‍යයෙන් මාස 18ක කාලයක දී රිළවියක් දෙවරක් පැටව් බිහි කරන බවත් මේ වනවිට මෙරට රිළා ගහනය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙන බවත් කී දංගොල්ල මහතා මේ වනවිට රටේ සිටින සමස්ත රිළවුන් සංඛ්‍යාව සම්බන්ධ විධිමත් ලෙස ඒකරාශි කළ දත්ත කිසිවක් නොමැති යැයි ද අවධාරණය කළේය.

රිළවියන් ගැබ් ගැනීම වැලැක්වීම සඳහා අත්හදා බැලීම් කරන ලද ලූපය තැන්පත් කිරීම රුපියල් 1300ක පමණ මූලික වියදමකින් සිදුකළ හැකි බවත් මෙම ක්‍රමය ක්ෂේත්‍රය තුළට ගොස් අත්හදා බැලිය යුතුව තිබෙන බවත් මහාචාර්වරයා පැවසුවේය.

මෙම ලූපය තැන්පත් කිරීම සාර්ථකව කළ හැකි වුවහොත් මරා දැමීමෙන් හෝ වෙනත් ස්ථානයකට ගෙන යෑමෙන් තොරව රිළා ගහනය පාලනය කිරීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා කීවේය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT