මීතොටමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැඟිල්ල පිටුපස ඇති කන්ටේනර් පෙට්ටියක් යට සඟවා තිබූ බ්‍රසීලයේ නිෂ්පාදිත පිස්තෝලයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (08) සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම ගිනි අවිය සොයාගත් බව විශේෂ කාර්ය බළකා සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා සඳහන් කළේය.
මෙම ගිනි අවිය සමඟ පතරොම් බහාලන කොපු දෙකක් ද හමුව ඇත.
ගිනි අවිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට භාරදී තිබේ.
විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ගිනි අවිය සොයාගෙන ඇත.
ගයාන් කුමාර වීරසිංහ බණ්ඩාරගම බිමල් ජයසිංහ