සමථකරණය, ගැටුම් විපරිවර්තනය සහ අධ්‍යාත්මික සංහිඳියාව පිළිබඳව පාසල් සිසුන් පුහුණු කිරිමේ වැඩසටහන් මාලාව අඛණ්ඩව මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම වැඩ සටහනේ ප්‍රායෝගික පුහුණු වැඩ සටහනක් පසුගිය දා තම්බියාව ධර්මපාල මහා විද්‍යාලයේ පැවැත් වුයේ තෝරාගත් පාසල් දරුදැරියන් පිරිසක් සඳහා පැවැත්විණි.
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස , සහකාර ප්‍රාදේශීය ලේකම් හසිනි හිටිබණ්ඩාරනායක යන මහත්මීන්ගේ අවවාද අනුශාසනා මත, ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති තුමා ගේ සහය ද මේ සදහා ලබා දී තිබුණි.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සාම සේවය ජාතික ලේකම් කාර්යාලයේ කලමණාකරු ප්‍රියංක දීපාල් එදිරිසිංහ මහතාගෙන් හිමි විය.
තිසර සමල් අනුරාධපුර