Home » ජනපති ඉරිදා ඉන්දියාවට

ජනපති ඉරිදා ඉන්දියාවට

by sachintha
December 11, 2024 1:49 am 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 15 වැනිදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ විදේශ ඇමැතිවරයා සහ නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා ද එක් වන බව නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ අනුව ජනපතිවරයා දෙසැම්බර් 15 වැනිදා සිට 17 වැනිදා තෙක් ඉන්දියාවේ සංචාරය කරන බවත් එහිදී ඉන්දීය ජනාධිපතිවරිය සහ අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT