Home » චීනෙන් දුන්න නිල ඇඳුම් රෙදි ළමුන්ට ලැබෙන දිනය

චීනෙන් දුන්න නිල ඇඳුම් රෙදි ළමුන්ට ලැබෙන දිනය

by yasara
December 11, 2024 1:06 pm 0 comment

චීනය ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි ලබන ජනවාරි මුල් සතිය අවසන් වීමට පෙර පාසල් ළමුන්ට බෙදා දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සමූපකාර හරහා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත බෙදාහැරෙන පාසල් නිල ඇඳුම් රෙදි ඉන් අනතුරුව විදුහල්පතිවරුන් වෙත ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.

චීනය විසින් මෙරටට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි ඊයේ (10)  නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු විය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ රුපියල් බිලියන 5යි දශම 2ක් පමණ වටිනා රෙදි මීටර් මිලියන 11යි දශම 2යි 8ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ප්‍රදානය කරන බවයි.

ඒ අනුව රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096 හා අනුමත පිරිවෙන් 822 ක් සඳහා මෙම නිල ඇඳුම් රෙදි ලබාදීමට නියමිතය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT