Friday, May 2, 2025
Home » ලූලාට මොළයේ සැත්කමක්

ලූලාට මොළයේ සැත්කමක්

by sachintha
December 11, 2024 1:38 am 0 comment

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා රෝහල්ගත කළ බවත්, ඔහුට මොළයේ හදිසි සැත්කමක් සිදු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රෝහල්ගත කළ ජනාධිපතිවරයාගේ හිස් කබලේ රුධිර වහනයක් සිදුවන බව පරීක්ෂණ මඟින් සොයා ගැනීමත් සමඟ එම සැත්කම සිදු කිරිමට වෛද්‍යවරු පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම රුධිර වහනයට හේතුවී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔහු බිම ඇද වැටීම හේතුවෙන් බව ද වාර්තා වේ. 79 හැවිරිදි ජනාධිපතිවරයා සාඕ පාවොලේ නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින බවත්, ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත් රෝහල් ආරංචි මාර්ග සහ ජනාධීපතිවරයාගේ සමාජ මාධ්‍යජාලය සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT