68
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ විභාගය ලබන 16 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(11) නියෝග කළේය.
ඒ පෙත්සම අද කැඳවු අවස්ථාවේදීය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති වීම මීට හේතුව වේ.
මෑතකදී අවසන් වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03 ක් කලින් පිටවීම නිසා එම ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ.
එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමාපියන් විසින් අදාළ පෙත්සම් ගොනු කර තිබුණි.