කොළඹ විශ්වවිද්‍යාලයේ පරමාර්ථය රටටත් ලෝකයටත් වැඩදායී උපාධිධාරීන් බිහිකිරීම බවත් එයට අවශ්‍ය ලෙස අදාළ උපාධි පාඨමාලා සංවිධාන කර ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවය පසුගිය 05 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාවේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා මේ බව කියා සිටියේය.
මේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ මහින්ද අලුත්ගෙදර මහතා ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියෙන් පිදුම් ලැබීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
පසුගිය වසර දෙකහමාරේ දහසයකට වැඩි ප්‍රමාණයක් මෙවැනි උපාධි ප්‍රදානෝත්සව සිදුකර තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය ලංකාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලවලින් පළමු තැන හිමිකර ගෙන තිබෙනවා. ලෝකයේ කීර්තිමත් විද්‍යාඥයන් සියයට දෙක අතරට 2024 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහිවූ විද්‍යාඥයන් එක්ව සිටීම සතුටට කරුණක්. පර්යේෂණවලට මූලිකත්වය දී කටයුතු කිරීම කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂ ලක්ෂණයයි. උපාධි සහතිකයක් ලබාදීමටත්, ඉන් එහාට ගොස් දැනුමෙන් පර්යේෂණවලින් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට මුල්තැන දෙමින් පිරිපුන් උපාධිධාරියකු බිහි කිරීම අප විශ්වවිද්‍යාලයේ මුඛ්‍ය පරමාර්ථය වී තිබෙනවා. රටටත් ලෝකයටත් දැනුමෙන් පිරිපුන් උපාධිධාරීන් බිහි කිරීම කොළඹ විශ්වවිද්‍යාලයේ පරමාර්ථයයි. ඒ අනුව යමින් එයට අදාළ ලෙස අප විශ්වවිද්‍යාලයේ පාඨමාලා සංවිධාන කර තිබෙනවා. උපාධිය ලබාගන්නා ඔබ රටටත්, ලෝකයටත් සංවර්ධනයටත් පෙරමුණ ගෙන ක්‍රියාකරනු ඇතැයි යන්න අපේ ප්‍රධාන අපේක්ෂාවයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එයට අනුබද්ධිත ආයතනවල පීඨාධිපතිවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, උපාධිධාරීන්, උපාධිධාරීන්ගේ මව්පියන්, ඥාතීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
රක්ෂණ ශ්‍රියන්ත
ඡායාරූප – සුලෝචන ගමගේ