35
නැඟෙනහිර ආණ්ඩුකාර ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ජේ.එස්. අරූල් රාජ් මහතා පත් කර තිබේ. ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා විසින් නව තනතුරේ පත්වීම් ලිපිය පෙරේදා (09) ආණ්ඩුකාර කාර්යාලයේදී අරූල් රාජ් මහතා වෙත ලබාදුන්නේය. නව තනතුරට පත්වීමට පෙර අරූල් රාජ් මහතා උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබුණි. 2003 සැප්තැම්බර් 01දා කින්නියා සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් පරිපාලන සේවයට එක් වූ අරූල් රාජ් මහතා ප්‍රාදේශීය ලේකම්, නියෝජ්‍ය කම්කරු කොමසාරිස්, අතිරේක දිසාපති යන තනතුරු ගණනාවක් හොබවා තිබේ.
ත්‍රිකුණාමලය විශේෂ
ඒ.ටී.එම්. ගුණානන්ද අමරජීව