සිය නිෙවසේ බුදු කුටියේ තබා තිබූ වාලම්පුරියක් සොරාගෙන එය විකිණීමට සූදානම් වූ පුතකු අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලීසිය පවසයි.
කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි අයකු හා කොළඹ වරාය නගරයේ සේවයේ නියුතු නිකවැරටිය පදිංචි අයකු මෙලෙස වාලම්පුරියක් විකිණීමට උත්සාහ ගෙන තිබිණි. ජාඇළ පොලිස් විශේෂ කාර්යාංශයේ පොලිස් කොස්තාපල් සංජීව (82109) යන නිලධාරියාට ලද තොරතුරක් මත ජාඇළ පොලිස් බුද්ධි කොට්‌ඨාසයේ නිලධාරින් විසින් කළ ආවේක්ෂණ රාජකාරිවලින් අනතුරුව පොලිස් නිලධාරින් වාලම්පුරිය හිමි අයට එය රැගෙන ජාඇළට එන ලෙස පවසා ඇත්තේ එය මිලදී ගැනීමට සූදානම් ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටිමිනි. වාලම්පුරිය හිමි තැනැත්තා වරාය නගරයේ සේවයේ නියුතු බ්‍රෝකර්වරයකු ද සමඟ ජාඇළ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
වාලම්පුරිය රැගෙන ආ අයගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ සිය වැඩිමහල් සහෝදරයා විසින් යාපනය නාගදීපයේ සිට වාලම්පුරිය රැගෙන ආ බවත් නිවැසියන් එය බුදු කුටියේ තබා වන්දනාමාන කරන අතරතුර නිවැසියන්ට හොර රහසේ වාලම්පුරිය විකිණීම සඳහා රැගෙන ආ බවයි. මිලක් නියම කර නොමැති මෙම වාලම්පුරිය හා සැකකරුවන් වත්තල මහේස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජාඇළ සමූහ – ප්‍රසංග පෙරේරා