Home » ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

by yasara
December 11, 2024 12:35 pm 0 comment

මෙම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි තරග ඉනිම් වලදී තම කණ්ඩායමේ  පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් පිරිස හොදින් ක්‍රීඩා කළ බව , ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා  අද (11)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

ඔහු එසේ පැවසූවේ ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය යටතේ ,  දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට සහභාගී වී ආපසු මෙරටට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධනංජය ද සිල්වා , දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්වයන් යටතේ තම කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කළ බවත් , තවමත් අපට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවත් ප්‍රකාශ කළේය .

ඒ සදහා  ඉදිරි දින වල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත , ටෙස්ට් තරග දෙකකින් සමන්විත  ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගාවලිය පිළිබඳ , තමන් දැඩි බලාපොරොත්තු තබා ගෙන ඇති බව ද පැවසීය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT