හැටන් උද්‍යාන දුම්රිය හරස් මාර්ගයට දුම්රිය දෙපාර්තුමේන්තුව මගින් ආරක්ෂිත ගේට්ටුවක් ලබා දි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පැවසිය.
එම දුම්රිය හරස් මාර්ගයේ අවු 09 ක පමණ කාලයක් තාවකාලිකව ඉදි කරන ලද ගේට්ටුවක් සවි කර තිබු බවත්, එම ගේට්ටුවේ මුරකරුට හැටන් පොලිසිය විසින් සුළු වැටුපක් ගෙවා පවත්වාගෙන ගිය බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අලුතින් සවි කල දුම්රිය ආරක්ෂිත ගේට්ටුවට දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් රු ලක්ෂ පනහක ප්‍රතිපාදන ලබා දි ඇති බවත්, ආරක්ෂිත ගේට්ටුවේ සේවය සදහා තම දුම්රිය ස්ථානයේ ස්ථිර සේවකයෙකු දිවා රාත්‍රි දෙකේ යොදවන බවද දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසිය.
එම ස්ථානයට ස්ථිර ආරක්ෂිත ගෙට්ටුවක් නොමැති විම සම්බන්ධයෙන් තමන් දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් කල ඉල්ලිමක් මත මෙම ආරක්ෂිත ගේට්ටුව ලබාදුන් බවත්, ගේට්ටුව සවි කිරිම නිසා මාර්ගයේ ගමන් කරන වාහන වල මෙන්ම මගින්ගේ ආරක්ෂාව තහවුරු වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසිය.
හැටන් උද්‍යාන දුම්රිය හරස් මාර්ගය ඔස්සේ දිනකට විශාල වාහන සංඛ්‍යාවක් ධාවනය කරන බවත්, හැටන් පොලිස් අධිකාරි කාර්යාලය, රජයේ පාසල් ඇතුළු ගම්මාන කිහිපයකට සහ වතු ගණනාවකට පිවිසිමට ඇති කෙටි මාර්ගය මෙය බවත්, පාසල් පැවැත්වෙන දිනයන්හි හැටන් නගර සභාව, පොලිසිය, අධ්‍යාපන කාර්යාලය සහ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට නගර මධ්‍යයෙන් පිවිසෙන වාහන සියල්ල ආපසු නගර දක්වා ධාවනය කරනු ලබන්නේ උද්‍යාන දුම්රිය හරස් මාර්ගය ඔස්සේ බවයි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා කියා සිටියේ.
තමන් වසර 09 ක පමණ කාලයක් ගේට්ටු මුරකරු වශයෙන් සේවය කල බවත්, එම සේවා කාලය තුල තමන් කිසිදු අනතුරක් සිදු වි ඉඩ ලබා නොදුන් බවත්, නව ගේට්ටුව සවි කිරිම නිසා තමන්ගේ රැකියාව නැති වුවද මෙම ස්ථානයට ස්ථිර ගේට්ටුවක් සවි කිරිම සතුටට කරුණක් බවයි මෙතෙක් කල් එම ස්ථානයේ දුම්රිය ගේට්ටු මුරකරු වශයෙන් සේවය කල කේ.ජි.ඉදුනිල් ජයන්ත මහතා කියා සිටියේ.
අලුතින් ඉදි කරන ලද ආරක්ෂිත ගේට්ටුව නිරික්ෂණය කිරිම සදහා හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් එක්විය.