Tuesday, May 6, 2025
Home » රුසියාවෙන් ගෙනා පොහොර තොගය භාර දෙමින්…

රුසියාවෙන් ගෙනා පොහොර තොගය භාර දෙමින්…

by mahesh
December 13, 2024 1:00 am 0 comment

ලෝක ආහාර වැඩසටහන යටතේ රජයට ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් නිල වශයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී ඊයේ (12) මෙරටට භාර කෙරිණි. රුසියානු රජයේ උරල්කලී සමාගම වෙනුවෙන් අරවින්ද් චව්ලා මහතා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් සභාපති චන්ද්‍රකුමාර සේතුගේ මහතාට පොහොර තොගය භාර දුන්නේය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ අවස්ථාවට එක්ව සිටි අතර එම පොහොර තොගය නිල වශයෙන් භාර ගත් අයුරු මෙහි දැක්වේ.

ඡායාරූපය- දුෂ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT