ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහත්වරුන් අද (13) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවේ නිරත විය.
ඒ සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු ගුවන් තොටුපොළ නිලධාරීවරුන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
එහිදී කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවා සපයන විවිධ දෙපාර්තමේන්තු , ආගමන විගමන සහ රේගු පරිශ්‍රය , බැංකු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන වෙත ද ගොස් අමාත්‍යවරුන් සිය නිරීක්ෂණයන් සිදු කළහ.
මීට අමතරව ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් සහ ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ජනතාව වෙත ද ගොස් , ඔවුන් සමග ද සාකච්ඡා කිරීමට අමාත්‍යවරුන් පියවර ගත්හ.
මෙම අවස්ථාවේ දී අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය අදහස් පළ කරමින් , කටුනායක ගුවන් තොටුපොළ තුළ, ගුවන් මගීන් මිලියන 15 ක් සදහා 2023 වසරේ නිමාවට පත් කිරීමට නියමිතව තිබූ ප්‍රධාන ව්‍යාපෘති ගනනාවක් අයථා ගණුදෙනු නිසා එළඹෙන 2028 වසර දක්වා පසු පසට ගොස් ඇති බව අනාවරණය වූ බවය.
කටුනායක ටී.කේ.ජී.කපිල