Home » මැලේසියානු මහ කොමසාරිස් ඇමති සමන්ත විද්‍යාරත්න හමුවෙයි

මැලේසියානු මහ කොමසාරිස් ඇමති සමන්ත විද්‍යාරත්න හමුවෙයි

by yasara
December 13, 2024 4:06 pm 0 comment

මැලේසියානු මහ කොමසාරිස් බඩ්ලි හිෂාම් අදම් මහතා හා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අතර හමුවක් අද (13) දින පෙරවරුවේ ජාතික ජන බළවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ දි පැවැත්විණි .

එහිදි මහා කොමසාරිස් වරයා විසින් පසුගිය මැතිවරණ වලදි ජාතික ජන බලවේගය ලැපු ජයග්‍රහණය වෙනුවෙන් තම සුභ පැතුම් අමාත්‍යවරයා වෙත එක් කිරිමද සිදුවිය.

ඉදිරියේදි වැවිලි කර්මාන්තය හා රටේ ආර්ථිකය දියුණු කිරීමට අවශ්‍ය මිත්‍රශීලී සහයෝගය ලබාදිමටද මහා කොමසාරිස් වරයා සිය එකඟතාවය පලකරන ලදි.

ශ්‍රි ලංකාවේ සිදුවෙමින් පවතින පරිවර්තනීය වෙනස්කම් පිලිබඳව ද ඇඟයිමට ලක්කල ඔහු  දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය කටයුතු කරන බවත් ශ්‍රි ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි සහය ලබාදිමට කටයුතු කරන බවද මහ කොමසාරිස් බඩ්ලි හිෂාම් අදම් මහතා තවදුරටත් පැවසීය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT