Monday, May 12, 2025
Home » ගාසාවට එල්ල වූ තවත් ප්‍රහාරයකින් 35කට දිවි අහිමි වෙයි

ගාසාවට එල්ල වූ තවත් ප්‍රහාරයකින් 35කට දිවි අහිමි වෙයි

by chanaka
December 13, 2024 10:35 am 0 comment

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 35 දෙනෙකු මිය ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආධාර රැගත් ලොරි රථ ආරක්ෂා කිරීම සඳහා සිටි පුද්ගලයින් 12 දෙනෙකුද ඒ අතර වන බවයි.

ඊයේ එල්ල වී තිබු ප්‍රහාරයත් සමග දිනක මරණ සංඛ්‍යාව 71 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුර ආසන්නයේ සහ උතුරේ ගාසා නගරය අසල නිවාස දෙකකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 21 දෙනෙකු මිය ගිය බව සිවිල් ආරක්ෂක අංශ පවසයි.

නුසෙයිරාට් සරණාගත කඳවුර ආසන්නයේදී පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්වේ. ඒ අතර අවම වශයෙන් ළමුන් හය දෙනෙකු සිටින බව වාර්තා වේ.

මේ අතර ගාසා නගරයේ මහල් නිවාසයකට එල්ල වූ ප්‍රහාරයකින් පසු තවත් පුද්ගලයින් හය දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බව බලධාරීන් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සහන සේවකයින් පවසන්නේ මීට අමතරව රෆා ප්‍රදේශයේ ආධාර රැගත් ලොරි රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් ආරක්ෂකයින් හත් දෙනෙකු මිය ගිය බවයි.

මෙය දකුණු ගාසා තීරයට සැපයුම් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇති ප්‍රධාන බාධාව බවද, ඔවුන් පෙන්වා දෙනවා.
ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 හමුදා ප්‍රහාර ආරම්භ වූ දින සිට ගාසා තීරයේ සහනාධාර ලොරි රථ ආරක්ෂා කිරීම සඳහා යොදවා සිටි 700 දෙනෙකු පමණ ඊශ්‍රායල ප්‍රහාර වලින් ඝාතනය වී ඇති බව හමාස් සංවිධානය පවසයි.
එම දින සිට ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලින් මරණයට පත් සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 44,800 ඉක්මවා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT