Thursday, May 8, 2025
Home » ජනාධිපතිවරණයේදී වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් විමර්ශන

ජනාධිපතිවරණයේදී වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් විමර්ශන

by chanaka
December 13, 2024 1:15 pm 0 comment

පසුගිය ජනාධිපතිවරණයට තරග කර මැතිවරණය සඳහා වැය වූ වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සම්බන්ධව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙන බව වංචා විමර්ශන කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) දැනුම් දුන්නේය.

වියදම් වාර්තා ලබා නොදීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව සිදුකර තිබෙන පැමිණිලි වලට අනුව විමර්ශන සිදු කරන බවත් එම විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකොට ලබන වසරේ මාර්තු 14 වැනිදා විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළේය.

මැතිවරණ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ නියෝජිතයන් වියදම් වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකිරීම 2023 අංක 03 දරණය මැතිවරණ නියාමන වියදම් පනත යටතේ වරදක් බව පෙන්වා දෙන විමර්ශන නිලධාරීන් එවැනි පැමිණිලි හතක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT