බළන්ගොඩ, මැද්දෙකන්ද, පිල්ලකුඹුර ප්‍රදේශයේ නිෙවසක සුරතලේට ඇතිකළ රෙක්ෂි නමැති සුරතල් සුනඛයෙකු මියගිය පසු මිනී පෙට්ටියක සිරුර තබා මහාසංඝරත්නය වැඩමවා ආගමික වතාවත් පවත්වා පැන්වඩා පෙරේදා (11) රාත්‍රියේ අවසන් කටයුතු සිදු කිරීමට නිවැසියෝ කටයුතු කළහ. එම නිෙවසේ මෙම සුරතල් රෙක්ෂි නමැති සුනඛයා වසර 11ක් පමණ ජීවත්වී තිබෙන අතර, මියයෑමෙන් පසුව අවසන් ගෞරවය දැක්වීම සඳහා නිවැසියන්ගේ ඥාතීන් පිරිසක් මෙන්ම ගම්වාසින්ද පැමිණ සිටීම විශේෂත්වයකි. නිවැසියන් පැවසුවේ දරුවෙකු ලෙස මෙම රෙක්ෂි නිෙවසේ ඉතා කීකරුව ජීවත් වූ බවයි. එදින සවස මෙම රෙක්ෂි හදිසියේ මියගොස් තිබෙන අතර එම අවස්ථාවේදී නිවැසියන් බළන්ගොඩ නගරයේ ඇති මල් ශාලාවකින් කුඩා මිනීපෙටිටියක් රැගෙන විත් සිරුර මිනී පෙටිටියේ තබා තිබෙන අයුරු දක්නට ලැබිණි. එදින රාත්‍රියේ මහාසංඝරත්නය වැඩමවා ඥාතීන් සමඟ ආගමික වතාවත් සිදු කර පැන් වඩා ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව ගෙවත්තේ වළක් කපා පෙට්ටිය මහිදන් කර පහනක්ද දැල්වීමට කටයුතු කර තිබේ.
‘සුරතල් රෙක්ෂිට’ මහා සංඝරත්නය වඩමවා පින් පමුණුවති
by mahesh
December 13, 2024 1:00 am
0 comment
බළන්ගොඩ සම්පත් ප්‍රියනන්දන
24