“විදු පියස” පාසල් නිල පුවත්පත් සහ අන්තර්ජාල ඊ පුවත්පත් නිකුත් කිරීමේ වැඩසටහනේ 7 වැනි පාසල ලෙස තෝරාගත් කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය සිසු දරුවන් වෙනුවෙන් එක්දින මාධ්‍ය පුහුණු වැඩමුළුවක් ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ දී ඊයේ (12) පැවැත්විණි. මෙහිදී පාසල් නිල පුවත්පත සකස් කිරීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඔවුන්ට ලබාදුන් අතර පුවත්පත් මුද්‍රණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව දැකබලා ගැනීම සඳහා ආයතනය තුළ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූහ. මේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රදීප් දසනායක, රාජ්‍ය සබඳතා දෙපාර්තමේන්තු ප්‍රධානී හා කළමනාකරණ කර්තෘ සමන්ත කරුණාසේකර මහත්වරු සහ තර්ස්ටන් විද්‍යාලයීය ගුරු මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.
35