Home » බිරියට කොකා ගැස්සූ කුකුළු ගොවිපළ හිමිකරු අත්අඩංගුවට

බිරියට කොකා ගැස්සූ කුකුළු ගොවිපළ හිමිකරු අත්අඩංගුවට

by mahesh
December 13, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

පවුල් ආරවුලක් මුල් කරගෙන සිය බිරියට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ කුකුළු ගොවිපොළ හිමිකරුවෙක් දුම්මලසූරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

තැබූ වෙඩිල්ල බිරියට වැදී නැත. අත්අඩංගුවට ගත් කුකුළු ගොවිපොළ හිමිකරු පොලීසියට පවසා ඇත්තේ බිරිය තමාට නිතර දොස් කියන බැවින් ඇති වූ තරහට ඇයට වෙඩි තැබූ බවය.

දුම්මලසූරිය උඩුබද්දාව ප්‍රදේශයේ නි‍ෙවසක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පෙරේදා (11) අලුයම් කාලයේදී බව පොලීසිය කියයි. බිරියට වෙඩි තැබූ ගිනිඅවිය පොලීසිය සිය භාරයට ගෙන ඇත. එම අවිය බලපත්‍ර සහිත බෝර 12 වර්ගයේ එකක් බව පොලීසිය කීය. එම අවියට යොදන පතරොම් 07ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සම්බන්ධයෙන් කුකුළු ගොවිපොළ හිමිකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT