Home » ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ නඩුවේ තීන්දුව 19දා
ගලගොඩඅත්තේ හිමි

ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ නඩුවේ තීන්දුව 19දා

by mahesh
December 13, 2024 1:00 am 0 comment

කල්පනි අබේසිංහ

මීට වසර අටකට පෙරදී කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් ආගමට අපහාසයක් වන ආකාරයේ හා ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා ලද බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 19 වන දින ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.

2016 වසරේ ජූලි මස අටවෙනි දින හෝ ඊට ආසන්න දිනකදී කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විත්තිකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කර ඇති එකී ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තියට අනුව වරදක් බවද පැමිණිල්ල ගොනු කළ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දී තිබුණි.

සිද්ධියට අදාළව ගොනුකර තිබෙන චෝදනා සනාථ කිරීමට තරම් සාක්ෂි පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් විත්තිකාර ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසද ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් මහතා පෙර නඩු දිනකදී අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

දෙපාර්ශ්වය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධියට අදාළ තීන්දුව මෙම මස 19 දින ලබාදෙන බව දැනුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT