Saturday, May 10, 2025
Home » දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

by chanaka
December 13, 2024 11:43 am 0 comment

අද (13) රාත්‍රියේදී සහ හෙට (14) අලුයම් කාලයේදී 2024 වසරේ අවසාන ප්‍රධාන උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය (ACCIMT) පවසයි.

ඒ අනුව ‘ජෙමිනිඩ්ස්‘ (Geminids) උල්කාපාත වර්ෂාව පැහැදිලිව දැකගත හැකි වනු ඇත.

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ (තාරකා විද්‍යා) ඉන්දික මැදගංගොඩ මහතා පැහැදිලි කළේ රාත්‍රී 9.00 න් පසු උතුරු සහ නැගෙනහිර අහසේ පැයකට උල්කාපාත 120 ක් පමණ දර්ශනය වන බවයි.

2024 වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස මෙය පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT