පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබු සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ , සධාතුක කරඩුව ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04 ක් ඔස්සේ ගමන් කර හෙට (14) පෙරවරුවේ ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කිරිමෙන් මෙවර සිරිපා වන්දනාවාරය චාරිත්‍රනුකුලව ආරම්භ වේ.
ශ්‍රී පාද සමය අවසන් වූ පසු සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්ථනයේ පිහිටි විශේෂ කුටියක තැන්පත් කෙරේ.
එලෙස තැන්පත් කරන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නැවත එම විශේෂ කුටියේ සිට පිටතට වැඩම කරවීම සිදු කරන්නේ ශ්‍රී පාද සමය යළි ආරම්භ වීමත් සමඟය.
ඊයේ (12) පස්වරුවේ සිට අද දින උදෑසන (13) දක්වා බැතිමතුන්ට සමන් දේව ප්‍රතිමාව,දේවාභරණ සහ සධාතුක කරඩුව වෙත පූජෝපහාර සිදු කිරීමට අවස්ථාව සලසා ඇත.
අද (13) පෙරවරුවේ එම සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04 ක් ඔස්සේ ගමන් කර හෙට පෙරවරුවේ ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කරයි.
හෙටට යෙදෙන උදුවප් පෝය දිනෙන් ආරම්භ වන මෙවර 2024/2025 ශ්‍රිපාද වන්දනාවාරය වෙනුවෙන් ඓතිහාසික පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරයේ සිට රත්නපුර , හැටන් , බලංගොඩ හා කුරුවිට යන මාර්ග හතර ඔස්සේ සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව වැඩම කරවිමේ පෙරහැරවල් ගමන් කරයි.