Thursday, May 8, 2025
Home » ජාත්‍යන්තර කනිෂ්ඨ ඔලිම්පියාඩ් තරගාවලියේ පදක්කම් දිනා ගත් ශ්‍රී ලාංකික සිසුන්

ජාත්‍යන්තර කනිෂ්ඨ ඔලිම්පියාඩ් තරගාවලියේ පදක්කම් දිනා ගත් ශ්‍රී ලාංකික සිසුන්

by yasara
December 13, 2024 1:06 pm 0 comment

රුමේනියාවේ පැවති 21 වැනි ජාත්‍යන්තර කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් – 2024 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් 06 දෙනාම පදක්කම් දිනා ගනිමින් අනතුරුව උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

මෙම තරගාවලිය 12/02 දින සිට 12/11 දින දක්වා ලෝකයේ රටවල් 52 ක ශිෂ්‍යයන් 315 දෙනෙකුගේ සහභාගීත්වයෙන් රුමේනියාවේ බුකාරෙස්ට් නුවර පවත්වා තිබුණි .

එහිදී මෙම තරගාවලියට සහභාගී වූ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ සිතුමිණි සමරකෝන් , පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අනුෂ්ක ඉදුවර , ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තෙනුක වික්‍රමරත්න සහ වව්නියා දෙමළ විද්‍යාලයේ පී.කැසිබල් යන සිසුන් සිව් දෙනා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

මීට අමතරව මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ හසිදු නවරත්න සහ යාපනය හින්දු විද්‍යාලයේ වී.ශ්‍රී රාම් සිසුන් දෙදෙනා රිදී  පදක්කම් දිනා ගෙන තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT