දොම්පේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 37 ක් හඳුනා ගැනීමෙන් පසු ඔවුනට සෙවිලි තහඩු 12 බැගින් නොමිලේ බෙදාදීම කිරිඳිවැල මහජන ක්‍රීඩාංගණයේ දී ඉකුත්දා සිදු කරන ලදි. දොම්පේ ප්‍රාදේශීය සභාවේ ලේකම් අජිත් රණසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම උත්සවය ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරි ජී.ජී. ජයසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණ. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උපුල් අබේවික්‍රම මහතා හා ප්‍රාදේශීය සභාවේ ලේකම් අජිත් රණසිංහ මහතා ඇතුළු නිලධාරින් විසින් සෙවිලි තහඩු බෙදා දුන් අවස්ථාව. ඒ සඳහා වැය කර ඇති මුදල සභාවේ අරමුදලින් රුපියල් ලක්ෂ 19 කි.
අඩු ආදායම්ලාභී පවුල් 37කට සෙවිලි තහඩු
by mahesh
December 13, 2024 1:00 am
0 comment
කිරිඳිවැල සමූහ - ජී.එස්. තැලිගම
31