22
වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා කුරුණෑගල මහ නගර සභාවට අයත් සුන්දරාපොළ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම කසළ මධ්‍යස්ථානය හේතුවෙන් අවට පදිංචි ජනතාව මුහුණ පා ඇති ගැටලු පිළිබඳවද ඔවුන් සමඟ සාකච්ඡා කළ ආණ්ඩුකාරවරයා මෙහි කසළ කළමනාකරණ කටයුතු වැඩිදියුණු කර ඉහළ ආදායමක් ඉපැයීම සඳහා පෞද්ගලික ආයෝජකයන් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා ද ආණ්ඩුකාර ලේකම් ඉන්දික ඉලංකෝන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එක්ව සිටියහ.