Home » ජර්මන් කණ්ඩායමකින් පල්ලෙගොඩවත්තේ දමිළ දරුවන්ට ඉංග්‍රීසි පන්තියක්

ජර්මන් කණ්ඩායමකින් පල්ලෙගොඩවත්තේ දමිළ දරුවන්ට ඉංග්‍රීසි පන්තියක්

by mahesh
December 13, 2024 1:00 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

බේරුවල, කාලවිල, පල්ලෙගොඩවත්තේ අහිංසක ද්‍රවිඩ දූ දරුවන් පිරිසකට වසර දෙකක් තිස්සේ ඉංග්‍රීසි බස උගන්වන ඉරුදින ඉංග්‍රීසි පන්තියක් අරඹා අලුත්ගම, කලුවාමෝදර ප්‍රදේශයේ ඉංග්‍රීසි ගුරුවරියකව යොදවා සිදු කළ සත්කාරයේ ප්‍රතිඵල එම දරුවන් මෙන්ම අප ද භුක්ති විඳින බව ජර්මනියේ ආයුබෝවන් ශ්‍රී ලංකා ඊ වී සංවිධානයේ සභාපතිනි කොනි තිල්මාන් මහත්මිය පැවසුවාය.

එම සංවිධානය මෙරට සම්බන්ධීකාරක පරිසරවේදී අනුර ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ද්‍රවිඩ දරුවන්ට සිංහල මෙන්ම දෙවන බස ප්‍රගුණ කරවා ඔවුන් ඉදිරියේ සමාජගත කරවීමේ වැඩපිළිවෙළක් දියත් කරමින් මෙම වැඩසටහන වසර දෙකක කාලයක සිට ආරම්භ කර තිබිණ. හතර ශ්‍රේණියේ සිට නවය ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබන බේරුවල ප්‍රදේශයේ දරිද්‍රතාවට පත් ද්‍රවිඩ වතු ආශ්‍රිතව ජීවත්වන දරුවන් ඉලක්ක කරගෙන මෙම වැඩසටහන සිදුකළ බව අනුර ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය. දින කිහිපයකට පෙර මෙරටට පැමිණි එම සංචාරක පිරිස ඔවුන් අනුග්‍රහ දක්වන දරුවන්ගේ ඉංග්‍රීසි පන්තිය නිරීක්ෂණය කිරීමට පැමිණ සිටි අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT