Home » වසරේ ගතවූ කාලය තුළ පැමිණි සංචාරකයින් ගණන මෙන්න

වසරේ ගතවූ කාලය තුළ පැමිණි සංචාරකයින් ගණන මෙන්න

by chanaka
December 14, 2024 8:34 am 0 comment

මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින්ට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කලේ දෙසැම්බර් මාසයේ දී පමණක් 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවය.

එමෙන්ම දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 250,000ක් පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

සංචාරක පැමිණීම මෙම වසර තුළ මිලියන 2.2 ඉලක්කයක් සපුරාලීමට අපේක්ෂා කරන බවත් එම ඉලක්කය සපුරාලීමෙන් පසු 2018 වසරෙන් පසුව මිලියන දෙකක ඉලක්කය සැපිරූ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වෙනු ඇතැයිද ඔහු පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT