Home » යුද හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කළ සීත ගඟුල අම්බලම බැතිමතුන්ට විවෘත කෙරේ

යුද හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කළ සීත ගඟුල අම්බලම බැතිමතුන්ට විවෘත කෙරේ

by chanaka
December 15, 2024 7:42 am 0 comment

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සීත ගගුල ප්‍රදේශයේ පිහිටි අම්බලම ප්‍රතිසංස්කරණය කර 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය සදහා එම මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් සදහා පසුගියදා (13) විවෘත කෙරිණ.

මාස් බොඩිලයින් පෞද්ගලික සමාගමේ මුල්‍ය අනුග්‍රහය මත ශ්‍රි ලංකා යුධ හමුදාව මගින් එම අම්බලම සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර වන්දනාකරුවන් වෙත විවෘත කර තිබේ.

ශ්‍රි ලංකා යුධ හමුවේ මධ්‍යම පළාත් භාර ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් මනත යහම්පත් මහතා සහ මාස් බොඩිලයින් සමාගමේ මානව සම්පත් සහ මෙහෙයුම් නියෝජ්‍ය සමාන්‍යාධිකාරි සුරංග විජේතුංග යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

කාලයක් තිස්සේ එම අම්බලම දැඩි ලෙස අබලන් වි තිබිම නිසා වන්දනාකරුවන්ට එහි ගිමන් හැරිමට නොහැකි තත්ත්වයක පැවතිම නිසා ශ්‍රි පාදස්ථානාධිපති ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ ඉල්ලිමක් පරිදි මාස් බොඩිලයින් පෞද්ගලික සමාගම සහ යුධ හමුදාව එක්ව මෙම අම්බලම සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT