Home » ජනපති අනුර ඉන්දීය ගමනේදී බුද්ධගයාව වඳින්නත් යනවා

ජනපති අනුර ඉන්දීය ගමනේදී බුද්ධගයාව වඳින්නත් යනවා

by chanaka
December 15, 2024 8:49 pm 0 comment

ජනාධිපති අනුර කුමාර දිසනායක මහතා අද (15) සිට ලබන 17වැනිදා දක්වා සිදු කරන ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

එසේම ඉන්දිය සංචාරයේ නිමාව සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගයාවේ සංචාරය කිරීමටද නියමිතය.

බුද්ධගයාවේ පිහිටා ඇති සිරි මහ බෝධිය යනු අතිශය පැරණි, පූජණීය ඇසතු ගසකි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ, පැට්නා නගරයේ සිට කි.මි.100 ක් (සැතපුම් 62 ක්) දුරින් පිහිටි බුද්ධගයාවේ තිබෙන මෙම බෝධි වෘක්ෂය අතිශය පූජනීය වෘක්ෂයක් ලෙස සැලකේ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ මෙම බෝරුක් සෙවනෙහිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT