58
තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ වාර්තා කළ බවට අධිකරණයේ පැවති නඩුවක් සමථයට පත්කරගැනීමට ඔහුට දැවැන්ත වන්දියක් පිරිනැමීමට ලෝකප්‍රකට ABC ප්‍රවෘත්ති නාලිකාව එකඟ වී තිබේ.
ඒ අනුව ඔවුන් ට්‍රම්ප් වෙත ලබාදීමට එකඟව ඇති වන්දිය අමෙරිකානු ඩොලර් මිලියන 15ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මාර්තු 10 වැනිදා පැවති රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර ජෝර්ජ් ස්ටෙෆනොපොලිස්, ට්‍රම්ප් යනු ස්ත්‍රී දූෂණයකට වගකිව යුතු අයෙක් බවට අපරික්ෂාකාරීව ප්‍රකාශ කර තිබුණි.
වන්දියට අමතරව ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෞද්ගලිකව කණගාටුව ප්‍රකාශ කෙරෙන විශේෂ ප්‍රකාශයක් ද ABC නාලිකාවේ විකාශය කිරීම නියමිතය.