112
ඉහල කොත්මලේ ජලාශ වේල්ලේ තිබි ඊයේ (14) දින හමු වු කාන්තා මළ සිරුර හදුනාගැනිමට නොහැකි වු නිසා සිරුර නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමු කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.
ඉහල කොත්මලේ ජලාශ වේල්ලේ අපද්‍රව්‍ය එකතු වන ස්ථානයේ පාවෙමින් තිබියදි කාන්තා මල සිරුර හමු වු බවත්, එම මළ සිරුර දැඩි ලෙස නරක් වි තිබු නිසා සිරුරේ අනන්‍යතාවය තහවුරු කරගැනිමට නොහැකි තත්ත්වයක් පවතින බවයි සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියා සිටියේය