Home » බිත්තර මිල අඩු කරයි

බිත්තර මිල අඩු කරයි

by chanaka
December 15, 2024 9:13 pm 0 comment

indian eggs

අද (15) දිනයේ සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා සදහන් කරයි.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගත හැකි බවත් ග්‍රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33ත් 35ත් අතර මිලකට මිලදී ගත හැකි බව සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පැවසීය.

සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා සදහන් කළේ,

“ඉදිරි උත්සව සමයේ අපි තීරණයක් අරගෙන තියෙනවා රුපියල් 30 – 35 අතර සිල්ලර මිලට බිත්තරයක් අලෙවි කිරීමට. එමනිසා අද පටන් රුපියල් 35ට අඩුවෙන් බිත්තර අලෙවිකරන මෙන් සෑම සිල්ලර කඩයකින්ම ඉල්ලා සිටිනවා. 2023 මේ කාලසීමාවේ බිත්තරයක් තිබුණේ 65 -70 වගේ මිලකට.

නමුත් බිත්තර නිෂ්පාදන වැඩිවෙලා වෙළෙඳපොළ තුළ අද මිල සමනයකට පත්වෙලා. සියලුම ගොවියන්ගේ බිත්තර නිෂ්පාදන අතිරික්තයක් තිබෙනවා. රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගතහැකියි ග්‍රෑම් 50 බිත්තරයක්. ග්‍රෑම් 55ට වැඩි බිත්තර ගෙඩිය 33යි, 34යි, 35යි. ඊට වැඩිය කවුරුත් ගන්න එපා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT