නැඟෙනහිර සහ ඌව පළාත්වල සේවය කරන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීමට අම්පාර නගරයේ ආරම්භ කරන ලද පොලිස් ප්‍රාදේශීය වෛද්‍ය සේවා මධ්‍යස්ථානය නැඟෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් පසුගියදා විවෘත කරනු ලැබීය.
මේ පොලිස් ප්‍රාදේශීය වෛද්‍ය සේවා මධ්‍යස්ථානය මගින් අම්පාර, මඩකලපුව, මොණරාගල, බදුල්ල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සේවය කරන පොලිස් නිලධාරීන්ට මෙන්ම ඒ අයගේ මව පියා සහ දරුවන්ට ප්‍රතිකාර ලබාදීමට අවස්ථාව සලසා දී තිබේ.
පැය 24 පුරාවටම මේ ස්ථානයේ වෛද්‍යවරයකු සමඟ හෙද කාර්ය මණ්ඩලයක් ඇති අතර පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරින්ට ද මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හැකි බව අම්පාර කොට්ඨාස අංක1 භාර පොලිස් අධිකාරි හේමන්ත සෙනෙවිරත්න මහතා පැවසීය.
නාරාහේන්පිට පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෛද්‍ය චාමින්ද රණසිංහ, නාරාහේන්පිට පොලිස් රෝහලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ගිනිගේ, කුණ්ඩසාලේ පොලිස් රෝහලේ රෝහල් අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජනක රත්නායක, අම්පාර වැඩ බලන පොලිස් අධිකාරි ශාන්ත බණ්ඩාර සහ අම්පාර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරු මේ අවස්ථාවට සහභාගි වූහ.
දිගාමඩුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල