31
මාකොල උතුර අංක 684/2 නිවසේ පදිංචි පරගොඩ ගමගේ වසන්ත (51) මහතා පසුගිය සැප්තැම්බර් මස 30 වැනි දින සිට ආගිය අතක් නැත.එදින වැල්ලවත්තේ පදිංචි තම අක්කාගේ නිවසට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර එදින සිට මොහු අතුරුදන්ව ඇත.අවසන් වරට නිවසින් පිටව යන විට කළු පැහැති දිග කලිසමක් සහ අළු පැහැති ටී සර්ට් එකක් ඇඳ සිට ඇත.මොහු තලඑළළු පැහැයෙන් යුතු අයෙකි.මේ පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් දන්නේනම් 0763514475 හෝ 0754800599 දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඔහුගේ ඥාතීහු මහජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරති.
දකුණු පළාත් සංචාරක එස් දීයගහගේ