100
සති අන්ත නිවාඩුවත් සමග නුවරඑලිය ප්රදේශයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන් කියා සිටියි.
නුවරඑලිය ප්රදේශයට මේ දිනවල පවතින යහපත් කාලගුණයත් සමග දේශීය සංචාරකයන් විශාල පිරිසක් මෙසේ පැමිණ ඇති බවත්, නත්තල් උත්සවයේ නිවාඩුවට නුවරඑලිය ප්රදේශයේ සියළුම සංචාරක හෝටල් කාමර මේ වන විට දෙස් විදෙස් සංචාරකයන් විසින් වෙන් කරවාගෙන ඇති බව සංචාරක හෝටල් හිමියන් පැවසීය.