Sunday, May 11, 2025
Home » නව කථානායක ජගත් වික්‍රමරත්න

නව කථානායක ජගත් වික්‍රමරත්න

by chanaka
December 17, 2024 9:57 am 0 comment

10 වැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය.

හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට අද (17) වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් විය.

එහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඔහුව යෝජනා කළ අතර, සභා නායක බිමල් රත්නායක විසින් එය ස්ථීර කරනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා මෙලෙස පත්විය.

ජගත් වික්‍රමරත්න මහතා පසුගිය මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා ලබාගත් මනාප ඡන්ද සංඛාව 51391කි.

වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් ද සේවය කොට ඇති වික්‍රමරත්න මහතා, පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT