Sunday, May 11, 2025
Home » අලුත් මන්ත්‍රීලා කිහිපදෙනෙක් දිවුරුම් දෙයි

අලුත් මන්ත්‍රීලා කිහිපදෙනෙක් දිවුරුම් දෙයි

by chanaka
December 17, 2024 10:05 am 0 comment

10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද (17) දින උදෑසන දිවුරුම් දෙනු ලැබීය.

ඒ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා ඉදිරියේය.

එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ෆයිසර් මුස්තාෆා මහතා නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල්, මුත්තු මුහම්මදු මහතා සහ මනෝ ගනේෂන් මහතා ද අද උදෑසන නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT