Saturday, May 10, 2025
Home » දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම ගැන ඉන්දු-ලංකා ජනාධිපතිවරු අතර සාකච්ඡා

දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම ගැන ඉන්දු-ලංකා ජනාධිපතිවරු අතර සාකච්ඡා

by chanaka
December 17, 2024 10:51 am 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපතිද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපතිභවන්හිදී ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි.

ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කර ගනු ලැබිණ.

සුහද පිළිසඳරක නිරතවීමෙන්අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT