Home » ජෝර්ජියාවේ හිම ක්‍රීඩා නිකේතනයකදී විෂවායු ආඝ්‍රාණයෙන් 12ක් මරුට

ජෝර්ජියාවේ හිම ක්‍රීඩා නිකේතනයකදී විෂවායු ආඝ්‍රාණයෙන් 12ක් මරුට

by sachintha
December 17, 2024 2:00 am 0 comment

ජෝර්ජියාවේ සුප්‍රකට හිම ක්‍රීඩා නිකේතනයකදී කාබන් මොනොක්සයිඩ් විෂ වායුව ආඝ්‍රාණය වූ සංචාරකයන් ඇතුළු 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජෝර්ජියාවේ උතුරු දෙසින් පිහිටි ගුඩෝරි නමින් හඳුන්වනු ලබන එම හිම ක්‍රීඩා නිකේතනයක අවන්හලක ඉහළ මාලයේ පිහිටි විවේකාගාරයකින් විදේශීය සංචාරකයන් 11 දෙනකුගේ සහ ජෝර්ජියානු ජාතිකයකුගේ මළසිරුරු සොයා ගත් බව එහි නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මෙය හදිසි අනතුරකින් සිදුවූවාක් බවට මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවත්, වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවත් පොලිසිය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

සෑම වසරකදීම දෙසැම්බරයේ සිට අප්‍රේල් දක්වා සීත සෘතුවේ ගුඩෝරි හිම ක්‍රීඩා සමයට අතිවිශාල සංචාරකයන් පිරිසක් පැමිණෙන අතර, එය ජාත්‍යන්තර සංචාරකයන්ගේ ආකර්ශනීය ගමනාන්තයක් බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT