Home » යුරෝපා කොමිසමේ සභාපතිනිය උර්සුලා
ලොව බලවත්ම කාන්තාව

යුරෝපා කොමිසමේ සභාපතිනිය උර්සුලා

by sachintha
December 17, 2024 2:01 am 0 comment

යුරෝපා කොමිසමේ සභාපතිනිය උර්සුලා වොන් ඩර් ලේයන් සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් නම් කරනු ලබන ලොව බලවත්ම කාන්තාවන් සියයේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බෙල්ජියම් සම්භවයක් සහිත ජර්මානු ජාතික කාන්තාවක් වන 66 හැවිරිදි උර්සුලා මීට පෙර ජර්මනියේ හිටපු චාන්සල්වරිය ඇන්ජලා මර්කල්ගේ රජයේ ආරක්ෂක ඇමති ධුරය දැරූ ප්‍රකට කාන්තාවකි. යුරෝපා මහ බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන ජර්මානු ජාතික 68 හැවිරිදි ක්‍රිස්ටීන් ලගාර්ඩ් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි 71 හැවිරිදි ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ලොව බලවත්ම කාන්තාවන් අතර 13 වැනි තැනට පත්වී ඇති අතර, සුපිරි පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් 23 වැනි ස්ථානයට පත්වී සිටි. ඉන්දීය මුදල් ඇමැතිනිය 65 හැවිරිදි නිර්මලා සීතාරාමන්ට 28 වැනි ස්ථානය ලැබී ඇති අතර, තායිලන්තයේ අගමැතිනිය 38 හැවිරිදි පයිටොන්ග්ටාන් ශිනවට්රා 29 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු ව්‍යාපාරිකාවක වන 62 හැවිරිදි ශෙමාරා වික්‍රමනායක එම ලැයිස්තුවේ 58 වැනි ස්ථානයට පත්වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT