Home » සයිබර් ඔත්තු බැලීමේ චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි

සයිබර් ඔත්තු බැලීමේ චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි

by sachintha
December 17, 2024 2:05 am 0 comment

පදනම් විරහිත ප්‍රකාශ නොකරන්නැයි බටහිර රටවලින් ඉල්ලයි

ලොව පුරා රටවල් රැසක සිදුවන සයිබර් අවකාශයේ ඔත්තු බැලීමේ සිදුවීම්වලට තම රට සම්බන්ධ බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බවට චීනය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නවසීලන්තය, අමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් සයිබර් අවකාශයේ ඔත්තු බැලීමේ සිදුවීම්වලට චීනය සම්බන්ධ බවට වගකීම් විරහිත ප්‍රකාශ සිදු කරන බව ද චීන රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ වන විට චීනයත් සයිබර් ඔත්තු බැලීමේ ගොදුරක් බවට පත්වී ඇති බැවින් සිය රටට මඩ ගැසීම නවත්වන ලෙස නවසීලන්තයේ චීන තානාපතිවරයා නවසීලන්ත රජයෙන් ඉල්ලීමක් කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

චීන රජය මේ ප්‍රකාශය කර ඇත්තේ නවසීලන්තය සහ එහි ජාත්‍යන්තර මිතුරන් වන ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ අමෙරිකාව එක්ව මහජන චීනයට අනුබද්ධිත ගෝලීය විදුලි සංදේශ සැපයුම්කරුවන් ජාලයේ ව්‍යාප්තවීම පිළිබඳ සම්මුතියකට එළැඹීම සැලකිල්ලට ගනිමින් බවද වාර්තා වේ. ද්වේෂ සහගත සයිබර් ක්‍රියාකාරීන් විසින් සිදු කරනු ලබන අකටයුතුකම් චීනයට ප්‍රහාර එල්ල කිරීමට භාවිත නොකරන ලෙසත් චීනය වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT