47
හික්කඩුව වරාය වෙරළ තීරයේ පොලිස් මුරපොළ ආසන්නයේ ඊයේ (16) දහවල් දොළහට පමණ දිය වැලකට හසු වී ඈත මුහුදට ගසාගෙන යමින් සිටි රුසියන් ජාතික එකම පවුලේ සිව් දෙනකු හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් මැදිහත් වී බේරා ගෙන ඇත.
මෙසේ මුහුදට ගසා ගෙන යමින් සිටියදී බේරා ගනු ලැබුවේ Aeersanal (40) Ansastasia (39) mazija(13) ksenia(07) යන අයගේය.
මේ සිවු දෙනාගේ ජීවිත බේරා ගනු ලැබුවේ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ අධීක්ෂණ නිලධාරින් විසිනි. පොලිස් කොස්තාපල්වරුන් වන ඒකනායක (96793), දිසානායක (102748) සහ ජයසිංහ (105456) යන මහත්වරුන් මෙයට එක්වූහ.
අම්බලන්ගොඩ සමූහ – ආර්. ඤාණදාස