Sunday, May 11, 2025
Home » මැලේසියානු මහ කොමසාරිස් ශ්‍රී ලංකා අගමැති හමුවෙයි

මැලේසියානු මහ කොමසාරිස් ශ්‍රී ලංකා අගමැති හමුවෙයි

by chanaka
December 17, 2024 10:17 am 0 comment

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අතර හමුවක් ඊයේ(16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

දෙරට අතර ආර්ථික, සංස්කෘතික සහ සංචාරක සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

දීර්ඝකාලීන සබඳතාවයට මැලේසියාවේ කැපවීම මහ කොමසාරිස්වරයා මෙහිදී තහවුරු කළේය. ආයෝජන අවස්ථා, විදුලි සංදේශ සහ මෝටර් රථ එකලස් කිරීම වැනි ක්ෂේත්‍ර⁣ කෙරෙහි සහයෝගීතාව සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත , විදේශ කටයුතු අමාත්‍යංශයේ අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියානු අධ්‍යක්ෂ ජනරාල් ශෂිකලා ප්‍රේමවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියාවේ සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්‍යක්ෂ තිළිණි ඉහළගේ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT