Sunday, May 11, 2025
Home » අගමැතිනිය ACWF හි උප සභාපති හමුවෙයි

අගමැතිනිය ACWF හි උප සභාපති හමුවෙයි

by chanaka
December 17, 2024 10:20 am 0 comment

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ සමස්ත චීන කාන්තා සම්මේලනයේ (ACWF) උප සභාපති Zhang Dongmei මහත්මිය, අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

කාන්තාවන් සවිබල ගැන්වීම සහ සංවර්ධනය සඳහා වන අන්‍යෝන්‍ය උත්සාහයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

කාන්තාවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආර්ථිකය කෙරෙහි දායකත්වය සඳහා වන අභියෝග හා අවස්ථා පිළිබඳවත්, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය සහ බිම් මට්ටමේ නියෝජනය වැඩි කිරීම පිලිබදව අවධානය යොමු වූ අතර කාන්තා සංවර්ධනය පිලිබඳ චීනයේ ප්‍රගතියද සමස්ථ චීන කාන්තා සම්මෙිලනයේ උප සභාපතිනිය මෙහිදී ඉස්මතු කළාය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය, අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මින්, තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT