Home » ලංකාවේ ප්‍රථම සහ එකම ආසියානු පාපන්දු සම්මේලන නිල ලාංඡනය ටී.එල්. විලියම්ස්ට

ලංකාවේ ප්‍රථම සහ එකම ආසියානු පාපන්දු සම්මේලන නිල ලාංඡනය ටී.එල්. විලියම්ස්ට

by sachintha
December 17, 2024 2:00 am 0 comment

රටවල් 47 ක සහභාගීත්වයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවති ආසියානු පාපන්දු විනිසුරු ඇකඩමියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම සහ එකම ආසියානු පාපන්දු නිල ලාංඡනය හිමි කර ගැනීමට ටී.එල්. විලියම්ස් මහතා සමත් විය. ඒ සමඟ ඔහුට ලබන වසරේ සිට ආසියානු පාපන්දු සම්මේලනය (AFC) මඟින් සංවිධාන කරන තරග සඳහා විනිසුරුවකු ලෙස සහභාගී වීමට අවස්ථාව හිමිවෙයි.

සිව් අවුරුදු විනිසුරු උසස් පාඨමාලාවක් ලෙස එම මහතා 2021 වර්ෂයේ සිට ආසියානු පාපන්දු සම්මෙලන විනිසුරු ඇකඩමියේ අධ්‍යාපන ලබන අතර එම පාඨමාලාව අවසානයේ ඔහුට ආසියානු පාපන්දු සම්මෙලන විනිසුරු එලයිට් කාණ්ඩයට ඇතුළත් වීමට අවස්ථාව හිමිවෙයි.

ඒ මහතා වසර 10 කට අධික කාලයක ජාතික පාපන්දු විනිසුරුවකු ලෙස පැමිණි ගමන හා ආසියානු මට්ටමේ විනිසුරුවරයකු ලෙස ජාත්‍යන්තරයට පැමිණි ගමන ශ්‍රී ලාංකික පාපන්දුවට මහත් ආඩම්බරයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT